එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (27) අලුත්කඩේ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
අදාළ නඩුව පසුගිය 13 වැනිදා කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, සැකකරු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් එම නියෝගය ලබාදී තිබිණි.
ඒ අනුව, අදාළ නඩුව අද (27) යළි අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණි.
නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට

