ලකුණු 111ක ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.1කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 118ක් ලබාගනිමින් ජයග්රහණය තහවුරු කරගත්තේය.ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 62ක් රැස් කළේ පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් එල්ල කරමිනි. පවන් රත්නායක නොදැවී ලකුණු 23ක් ලබාගත් අතර අවිශ්ක ප්රනාන්දු ලකුණු 16ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 8ක් රැස් කළහ.ඒ අනුව තවත් පන්දුවාර 31.5ක් ඉතිරිව තිබියදී කඩුලු 8ක පහසු ජයක් හිමිකරගත් ශ්රී ලංකා කණ්ඩායම අවසන් තරගයට පිවිසීමට සමත් විය. තරගයේ තීරණාත්මක දස්කම් දැක්වූ දිල්ෂාන් මධුශංක කඩුලු 5ක් දවාගනිමින් කැපී පෙනුණි.

