කහවත්ත මූලික රෝහලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර තිබූ, වසා දමා තිබූ ගොඩනැගිල්ලක අද (17) අලුයම ගින්නක් හටගෙන තිබේ.අලුයම 3.45ට පමණ ආරම්භ වූ ගින්න පැයක පමණ කාලයක් පැතිර ගොස් ඇති අතර, එය නිවා දැමීම සඳහා රත්නපුර නාගරික ගිනි නිවීමේ ඒකකයද කැඳවා තිබේ.ගින්න හටගත් ගොඩනැගිල්ල මීට පෙර නේවාසික රෝගීන්ගේ වාට්ටුවක් ලෙස භාවිත කර ඇති අතර, පසුව නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමත් සමඟ එම වාට්ටුව වෙනත් ස්ථානයකට මාරු කර තිබේ.මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක පළ කර තිබේ.ආරක්ෂිත පියවරක් ලෙස අද අලුයම 4ට පමණ විදුලිබල මණ්ඩලය විසින් ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමටද පියවර ගෙන තිබුණි.

