අම්බලන්ගොඩ, කන්දගොඩ සුසාන භූමියේ ආදාහනාගාර පරිශ්‍රයේ සඟවා තිබූ රුපියල් මිලියන 16කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු රහසිගත තොරතුරක් මත අද (17) සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ මාතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්ව සිදුකළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 400ක් අත්අඩංගුවට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් එක්කෝටි හැටඅට ලක්ෂයකට අධික බව සඳහන් වේ.ජාවාරම්කරුවන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය කන්දගොඩ ආදාහනාගාර භූමියේ සොහොන් කොතක් අසල ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ බව වාර්තා වේ.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අම්බලන්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබයි.

