ජාතික විද්‍යා සතියට සමගාමීව නවීන තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආතර් සී. ක්ලාක් ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.මෙම වැඩසටහනට නවීන තාක්ෂණික උපකරණ හඳුන්වාදීම, ප්‍රායෝගික පුහුණු සැසි සහ තාක්ෂණික හුවමාරුව සඳහා සූදානම් කළ නිෂ්පාදන ආකෘති හා තාක්ෂණික නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් ද එක්ව තිබිණි.තරුණ උපාධිධාරී පර්යේෂණ සහායකයන්ගේ දායකත්වයෙන් සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵල සහ වාණිජකරණයට සූදානම් මූලාකෘති මෙහිදී ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි.එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක ගංවතුරෙන් යට වූ ප්‍රදේශ සම්බන්ධයෙන් ආතර් සී. ක්ලාක් ආයතනයේ විද්‍යාඥයන් සකස් කළ සිතියම් සහ ජංගම යෙදුම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබීය.ආයතනයේ විශේෂඥ දැනුම යොදාගෙන අලුත්වැඩියා කළ පර්යේෂණාගාර උපකරණ කට්ටල වයඹ විශ්වවිද්‍යාලයට භාරදීම ද මෙහිදී සිදු විය. ඒ සමඟම උසස් තාක්ෂණික දෘඩාංග ප්‍රතිසාධන විද්‍යාගාරය (High Tech Hardware Recovery Lab) ද අමාත්‍යවරයා විසින් විවෘත කරන ලදී.පර්යේෂණ ආයතනවල භාවිතයෙන් ඉවත් කළ සංකීර්ණ විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික සහ පරිගණක උපකරණවල දෘඩාංග ප්‍රතිසාධනය කිරීම මෙම විද්‍යාගාරය තුළ සිදු කිරීමට නියමිතය.බිම්මල් වගා කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා නිර්මාණය කළ නිරවද්‍ය පාරිසරික පාලන පද්ධතියක් සහිත සුහුරු බිම්මල් වගා ගෘහ උෂ්ණත්ව පාලන පද්ධතියක් ද මෙහිදී හඳුන්වා දී තිබේ.ඒ සම්බන්ධයෙන් විදාතා මධ්‍යස්ථානවල විද්‍යා හා තාක්ෂණ නිලධාරීන් 50 දෙනෙකු සහ බිම්මල් වගාකරුවන් 25 දෙනෙකු සඳහා දැනුවත් කිරීමේ පුහුණු සැසියක් ද පැවැත්විණි.මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජාතික ගැටලුවලට විද්‍යාත්මක පර්යේෂණ මඟින් ප්‍රායෝගික විසඳුම් සෙවිය යුතු බවයි. ඒ සඳහා විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන, රාජ්‍ය දෙපාර්තමේන්තු සහ කර්මාන්ත ක්ෂේත්රය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය කිරීම මෙන්ම උසස් තාක්ෂණ සේවා සහ පර්යේෂණ සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීම සඳහා ද අමාත්‍යාංශය කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

