Saturday, February 14, 2026
Homeසියලුම පුවත්හදිසි අනතුරු හේතුවෙන් වසරකට 12,000ක් මරුට

හදිසි අනතුරු හේතුවෙන් වසරකට 12,000ක් මරුට

මෙරට තුළ හදිසි අනතුරු හේතුවෙන් වසරකට පුද්ගලයන් 12,000ක් පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එහි බෝ නොවන රෝග ඒකකය සඳහන් කළේ, ඒ අනුව දිනකට පුද්ගලයන් 35 දෙනෙකු පමණ හදිසි අනතුරු හේතුවෙන් මිය යන බවයි.

වසරකට මිලියන 3ත් 4ත් අතර වන පුද්ගලයන් ප්‍රමාණයක් හදිසි අනතුරුවලට ලක්වන අතර දිනකට පුද්ගලයන් 12,000ක් පමණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරට රෝහල් පද්ධතියට ඇතුළු වන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තිය සහ එය පාලනයට විවිධ සීමා පණවා තිබූ පසුගිය දෙවසරක කාලය තුළ හදිසි අනතුරුවලට ලක්වන පුද්ගලයින් සංඛ්‍යාව අඩු වී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා

RELATED ARTICLES

Most Popular

Recent Comments