Friday, January 23, 2026
Homeදේශීයපළාත් කිහිපයකට තද වැසි අවදානමක් !

පළාත් කිහිපයකට තද වැසි අවදානමක් !

ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වල සහ බස්නාහිර පළාතෙත් රත්නපුර දිස්ත්‍රික්කයේත් තද වැසි අවදානමක් නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසිබර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් බස්නාහිර පළාතේත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments