මේ වනවිට රට තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙන චැනල් 4 නාළිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් පළවාහරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වා ඇති අතර 2016 නොවැම්බර් 18 වෙනිදා එවකට සිටි අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වෙත චෝදනා හරවා යවා ඇත.
අද (07) ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයට සිරස්තලය යොදා තිබෙන්නේ “ශ්‍රී ලංකාව සම්බන්ධ නවතම චැන් 4 චිත්‍රපටය“ යනුවෙනි. එම නිවේදනයට “ගෝඨාභය රාජපක්ෂ 7 වන විධායක ජනාධිපති“ යනුවෙන් වගකීම සඳහන් කර ඇතත් අත්සන යොදා නැත.
එවකට සිටි අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ ප්‍රකාශයක් අනුව රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට මූලික වගකීම් බැරකර තිබෙන්නේ මතු දැක්වෙන ආකාරයෙනි.
“ශ්‍රී ලාංකිකයන් 32 දෙදෙනෙකු සිරියාවට ගොස් අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ වී ඇති බවත්, විදේශීය ඉස්ලාම් ආගමික දේශකයින් ශ්‍රී ලංකාවට පැමිණ අන්තවාදී ඉගැන්වීම් ප්‍රචාරය කරන බවට 2016 නොවැම්බර් 18 වන දා එවකට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කළ හෙළිදරව්ව ද එම ආණ්ඩුව නොසලකා හැරිය බව ඔවුන් ප්‍රකාශ කළේය.“ යනාදී වශයෙන් පාස්කු ප්‍රහාරයේ වගකීම රනිල් වික්‍රමසිංහගේ පැවති ආණ්ඩුවට බැර කර ඇත