Thursday, November 13, 2025
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට දරුණු පරාජයක්!! දසුන් ශානක වහාම ඉල්ලා අස් විය යුතුයි

ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්!! දසුන් ශානක වහාම ඉල්ලා අස් විය යුතුයි

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ, අද (සැප්. 17) අද පැවති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10කින් පරාජය කරමිනි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 50ක් පමණකි.

කුසල් ජනිත් පෙරේරා, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ ලකුණු නොලබා දැවී ගියහ.

කුසල් මෙන්ඩිස් ලකුණු 17ක්, පැතුම් නිස්සංක ලකුණු 2ක්, ධනංජය ද සිල්වා ලකුණු 4ක් රැස් කර දැවී ගියහ.මොහොමඩ් සිරාජ් ලකුණු 21කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.

හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 3ක් සහ ජස්ප්‍රිට් බුම්රා සහ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දු වාර 6යි එක් පන්දුවක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 51ක් ලබා ගනිමින් මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය

RELATED ARTICLES

Most Popular

Recent Comments