Sunday, December 21, 2025
Homeදේශපාලනඩයනා-රෝහණ බණ්ඩාර-සුජිත් සංජය ගැටුමේ වීඩියෝව ලීක් වෙයි

ඩයනා-රෝහණ බණ්ඩාර-සුජිත් සංජය ගැටුමේ වීඩියෝව ලීක් වෙයි

video:- https://fb.watch/nOdQixXVHy/?mibextid=cr9u03
අද පස්වරුවේ පාර්ලිමේන්තු බිම් මහලේදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සජබ මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන මහත්වරුන් අතර ඇතිවූවේ යැයි කියන ගැටුමේ වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට කථානායකවරයා නියෝග කර ඇත.

ඒ සඳහා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට පියවර ගෙන ඇත.

අද පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටතදී තමන්ට මන්ත්‍රීවරයෙකු විසින් පහරදුන් බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ විමර්ශන කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  චමල් රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකීර් සහ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ නම්කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments