දිරි අයවැයෙන් හෝ සියලු ශ්‍රේණිවල වෛද්‍යවරුන්ගේ වැටුප් ගැටලුවට අදාළව වෛද්‍යවරුන්ගේ කාර්යසාධනය හා වෙළෙඳපළ වටිනාකම් මත පදනම් වූ වැටුප් ව්‍යුහයක් ලබාදෙන ලෙස ඉල්ලා මූලික යෝජනා හයක් රජයට ඉදිරිපත් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය.
මිනිස් ජීවිත රැකගැනීමට නම් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කළ යුතු බව පෙන්වා දෙන එම සංගමය, බුද්ධිගලනය මත රට හැරයන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව මේ වනවිට ඉහළ යමින් තිබෙන අතර, තවත් විශේෂඥ පුහුණුව ලද වෛද්‍යවරුන් 5000ක් පමණ විදෙස්ගත වීමේ අවදානමක් පැනනැගී ඇති බවද පැවැසීය.
වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දීමනාව යාවත්කාලීන කිරීම, පශ්චාත් උපාධි පුහුණුවේදී ලැබෙන දීමනා වසර 12කින් යාවත්කාලීන වී නොමැති බවත්, අනුමත වෛද්‍ය සංඛ්‍යාව යාවත්කාලීන කරන ලෙස වූ යෝජනාවක්ද එම සංගමය මගින් ඉදිරිපත් කර ඇති යෝජනාවලියට අයත්ය.
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන් සඳහා ශ්‍රේණි උසස්වීම් විෂමතා නිවැරැදි කරන ලෙසත්, සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සහ රෝහල්වල යටිතල පහසුකම් දියුණු කරන ලෙසත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය යෝජනා කරන යෝජනාවලියට ඇතුළත් බවයි වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවැසුවේ.
අදාළ යෝජනා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් ක්‍රියාත්මක කළ හැකි බවද එම සංගමය පෙන්වා දී තිබේ.