Friday, November 14, 2025
Homeදේශීයත්‍රීරෝද රථයක් පෙරළී පස් දෙනෙකු රෝහලට

ත්‍රීරෝද රථයක් පෙරළී පස් දෙනෙකු රෝහලට

හැටන්–නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය හුළංවංගුව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පවුලේ පුද්ගලයින් පහක් රෝහල්ගත කර තිබේ.

තලවකැලේ සිට නුවරඑළිය උඩුපුස්සැල්ලාව දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් පස්සට පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුරට ලක්වූ ත්‍රීරෝද රථයේ පස් දෙනාම එකම පවුලකට අයත් ඇති අතර, තුවාල ලැබූ අය හැටන් මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අදාළ ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, අනතුර සම්බන්ධයෙන් හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments