Thursday, November 13, 2025
Homeදේශීයබුද්ධි අංශ අනාවරණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

බුද්ධි අංශ අනාවරණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

මහජන බදු මුදල් අතීතයේදී අන්තවාදය සඳහා වියදම් කර තිබූ බවට බුද්ධි අංශ නිලධාරීන්ගෙන් අනාවරණයක් ලැබුණු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී අද (13) පැවති ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහා විරු සමරුවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ඉදිරි කාලයේ පුරෝකථනය කළ හැකි සහ ශක්තිමත් ආර්ථිකයක් වර්ධනය කිරීමට වත්මන් රජය සාර්ථකව ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

තවද, රජයේ ආදායම අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ නංවා ගැනීම සඳහා දැක්වෙන කාර්යය ඵලදායී වී ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ 36වැනි ඉල්මහා විරු සමරුව එම පක්ෂයේ නායක සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංගපීඨයේදී පැවැත්විණි.

මෙහිදී එම පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු විපක්ෂයේ මියගිය සාමාජිකයන් සිහිගන්වමින් පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරිණි

RELATED ARTICLES

Most Popular

Recent Comments