Saturday, November 22, 2025
Homeweatherweatherඅදත් හවසට තද වැසි

අදත් හවසට තද වැසි

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද දිනයේදී විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ අනෙක් ප්‍රදේශවලද පස්වරු 1.00 සිට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් අනතුරු අවධානයෙන් ඉන්න අවශ්‍ය බවත් නිවේදනයේ සඳහන් වේ.

බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තද වැසි වාර්තා විය හැක.

අලුයම් කාලයේදී සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වය ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යාඥයින් පවසයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments