Homeසියලුම පුවත්AI භාවිතය නිසා මිනිස් බුද්ධිය පිරිහීමේ අවදානමක්

AI භාවිතය නිසා මිනිස් බුද්ධිය පිරිහීමේ අවදානමක්

ප්‍රශ්න සහ සංකීර්ණ ගැටලුවලට ඉක්මන් පිළිතුරු ලබාදෙන AI කෘතිම බුද්ධි මෙවලම් මත අධික ලෙස යැපීම මිනිසාගේ විශ්ලේෂණාත්මක හා සිතීමේ හැකියාවට බලපෑම් ඇති කළ හැකි බව Royal Observatory Greenwich අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ආයතනයේ ප්‍රධානී Paddy Rodgers පවසන්නේ, AI මත අධික ලෙස රඳා සිටීමෙන් මිනිසුන්ගේ ප්‍රශ්න කිරීමේ සහ කරුණු ගවේෂණය කිරීමේ හැකියාව ක්‍රමයෙන් අඩුවිය හැකි බවයි.
කෙසේවෙතත්, AI තාක්ෂණය විද්‍යාත්මක සොයාගැනීම් සහ අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රයෝජනවත් මෙවලමක් විය හැකි නමුත්, එය වගකීමෙන් භාවිත කිරීම අත්‍යවශ්‍ය බවද විශේෂඥයින් පෙන්වා දෙති.

RELATED ARTICLES

Most Popular

Recent Comments