ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා අනුව ගිවිසුම් පවත්වාගෙන යමින් ජනතාව පීඩාවට පත්කිරීම වෙනුවට ජනතාවට සහන ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද (05) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
IMF ප්‍රධානීන් සහ නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවී පිරිවැය ප්‍රතිපූරණය වන ආකාරයට රටේ ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු බවට යෝජනා කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එමෙන්ම ජනතාවට පීඩාකාරී IMF ගිවිසුම වෙනස් කරන බවට වත්මන් ආණ්ඩුවට ජනතාව වරමක් ලබාදුන්නද, එය ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු නොකිරීම හේතුවෙන් එම IMF ගිවිසුම ආණ්ඩුවට පාරාවළල්ලක් වී ඇති බවටද විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

