Homeසියලුම පුවත්අගවිනිසුරු, අධිකරණ ඇමති හා නීතිඥ සංගමයේ සභාපති එකම වේදිකාවක

අගවිනිසුරු, අධිකරණ ඇමති හා නීතිඥ සංගමයේ සභාපති එකම වේදිකාවක

අධිකරණ පද්ධතියේ ප්‍රමාදයන් අවම කිරීම සඳහා E-Courts පද්ධතිය හරහා අධිකරණ ඩිජිටල්කරණය ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ අපරාධ මහාධිකරණ, දිසා අධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණ ඇතුළු සියලු අධිකරණ ඉතා ඉක්මනින් සජීවී ඩිජිටල් වේදිකාවට පිවිසෙන බවයි. එහෙත් ඩිජිටල්කරණය සමඟ සයිබර් ආරක්ෂාවට විශේෂ අවධානය යොමු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාද විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු පෞද්ගලික ගැටුමක් නොමැති බවත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments