වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඉදිරි පැය 24 තුළ අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්න ආශ්රිත පහත්බිම් ප්රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය සහ ජල මට්ටම් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්රදේශවල පහත්බිම්වලට මෙම අවදානම බලපාන බව සඳහන්ය.
එම ප්රදේශවල ජනතාව සහ මාර්ග භාවිත කරන රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ද අදාළ අංශ දැනුම් දී ඇත
අත්තනගලු ඔය ආශ්රිත පහත්බිම්වලට ගංවතුර අවදානමක්

