Homeසියලුම පුවත්අදත් ප්‍රදේශ රැසකට වැසි අපේක්ෂාවක්

අදත් ප්‍රදේශ රැසකට වැසි අපේක්ෂාවක්

අද (20) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේද පස්වරු 2.00ට පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments