අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය බදාදා රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියකදී රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිය වගකීම් නිසි ලෙස ඉටු කිරීමට අමාත්‍යවරයා අපොහොසත් වූ බව පවසමින් මෙම විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් පසුගිය 21 වැනිදා කථානායකවරයා වෙත භාරදී තිබුණි.
ඒ අනුව අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිත අතර, අද දිනයේ විවාදයට ගැනීමට සැලසුම් කර තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා වෙනත් දිනයකට කල් දමා තිබේ.
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

