Homeසියලුම පුවත්ආපදා මරණ ගණන 02 දක්වා ඉහළට

ආපදා මරණ ගණන 02 දක්වා ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මරණ දෙකක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අද (15) පෙරවරු 6ට නිකුත් කළ නිවේදනයට අනුව, එම මරණ මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටින බවද වාර්තා වෙයි.
තවද පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති අතර, ඉන් පුද්ගලයින් 104 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රඳවා සිටින බව සඳහන් වේ.
එමෙන්ම නිවාස 88ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවද වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments