ඇඹිලිපිටිය ජල සම්පාදන ක්‍රමයට අදාළ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්රිත ප්‍රදේශවලට හෙට (19) පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
හුලංදුව පාලම අසල ජල නළ එළීමේ නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.
ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා අදාළ ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව නතර කෙරෙනු ඇත.
මෙම කාලය තුළ ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ කණගාටුව පළ කළ ජල සම්පාදන මණ්ඩලය, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
ඇඹිලිපිටියේ ප්‍රදේශ කිහිපයකට පැය 13ක ජල කප්පාදුවක්

