Homeසියලුම පුවත්ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි අයහපත් කාලගුණයෙන් මරණ 100ක්

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි අයහපත් කාලගුණයෙන් මරණ 100ක්

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තද සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් ගතවූ පැය 24 තුළ මෙම මරණ වාර්තා වී ඇති බව සඳහන්ය.
මෙම ආපදා තත්ත්වයෙන් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 12කට බලපෑම් එල්ල වී ඇති අතර, තද සුළං හේතුවෙන් ගස් කඩා වැටී නිවාස හා ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබේ.
එමෙන්ම මාර්ග කිහිපයක් අවහිර වීම හේතුවෙන් රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments