ඉරානයේ සහ කියුබාවේ ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ දකුණු හෝමොස්ගන් පළාතේ සර්ගාස් ප්‍රදේශයේ කිලෝමීටර් 22ක් ගැඹුරින් රික්ටර් මාපක 5.0ක භූ කම්පනයක් සිදුව ඇති අතර, කියුබාවේ වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක්ද සිදුව තිබේ.
මෙම භූ කම්පනවලින් මේ දක්වා දේපළ හෝ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඉරානයට සහ කියුබාවට ප්‍රබල භූ කම්පන දෙකක්

