Homeසියලුම පුවත්එල් නිනෝ බලපෑමෙන් පුද්ගලයින් 154,167කට බලපෑම්

එල් නිනෝ බලපෑමෙන් පුද්ගලයින් 154,167කට බලපෑම්

එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ජනතාව පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක් වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව පවුල් 47,368කට අයත් පුද්ගලයින් 154,167 දෙනෙකු එල් නිනෝ තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව තිබේ.

වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව සඳහා පානීය ජලය බෙදාහැරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

ඒ අනුව පවුල් 40,945කට අයත් පුද්ගලයින් 132,748 දෙනෙකු සඳහා පානීය ජලය බෙදාහැරීමට කටයුතු කර තිබේ.

වැඩිම පිරිසකට පානීය ජලය බෙදාහැර ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ වන අතර, එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පවුල් 13,139කට අයත් පුද්ගලයින් 42,429 දෙනෙකු සඳහා ජලය ලබාදී ඇත.

මීට අමතරව, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පවුල් 11,142කට අයත් පුද්ගලයින් 33,394 දෙනෙකුටද පානීය ජලය බෙදාහැර තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක පීඩාවට පත් පවුල් 3,794කට අයත් පුද්ගලයින් 12,047 දෙනෙකු සඳහාද පානීය ජලය බෙදාහැරීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments