Homeසියලුම පුවත්ඔස්ට්‍රේලියාව පරදවා බංග්ලාදේශයට කඩුලු 09ක ජයක්

ඔස්ට්‍රේලියාව පරදවා බංග්ලාදේශයට කඩුලු 09ක ජයක්

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 09කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද (16) සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 198ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශය ලකුණු 426ක් ලබාගත්තේය.

ඒ අනුව ලකුණු 228ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 284ක් පමණි.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 57ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කරමින් විශිෂ්ට ජයක් වාර්තා කළේය.

මෙම ජයග්‍රහණයත් සමඟ ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක් ජයගත් තෙවැනි ආසියානු රට බවට බංග්ලාදේශය පත්විය.

එමෙන්ම පසුගිය වසර 30 තුළ ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක් ජයගත් දෙවැනි ආසියානු රට බවටද බංග්ලාදේශය පත්ව තිබේ. පාකිස්තානය අවසන් වරට 1995 වසරේදී ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක් ජයගෙන තිබුණි.

විශේෂත්වය වන්නේ බංග්ලාදේශය ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කළ සිය තෙවැනි ටෙස්ට් තරගයේදීම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වීමයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments