Homeසියලුම පුවත්කස්සප හිමි ඇතුළු සිව්නමක් පොලිස් භාරයට

කස්සප හිමි ඇතුළු සිව්නමක් පොලිස් භාරයට

අනුරාධපුර රුවන්වැලි සෑය අභියස මාරාන්තික උපවාසයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සිව්නමක් පොලිස් භාරයට ගෙන තිබේ.රාජාංගනයේ සද්ධාරතන නමැත්තාගේ නායකත්වයෙන් යුත් පිරිසක් සමඟ ඇති වූ ගැටුමකින් අනතුරුව මෙම පිරිස පොලිස් භාරයට ගෙන ඇත.පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ තුන්නමක් විසින් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (12) දෙවන දිනටත් ක්‍රියාත්මක විය.එම අවස්ථාවේදී භික්ෂූත්වයෙන් නෙරපා ඇති බව සඳහන් වන රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ඇතුළු පිරිසක් උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණීමත් සමඟ දෙපිරිස අතර ගැටුමක් හටගෙන තිබේ.එහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර රාජාංගනයේ සද්ධාරතන නමැත්තාගේ හිසට පොලු ප්‍රහාරයක් එල්ල වීමෙන් ඔහු තුවාල ලබා ඇත.පසුව එම ස්ථානයට පැමිණි පොලිසිය උපවාසය පැවැත්වූ අට්ටාලය ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමඟ යළිත් උණුසුම් තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments