වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය පසුගිය 21 වැනිදා අම්බලන්ගොඩ, කහව හන්දිය ප්‍රදේශයේදී සිදුව ඇති අතර, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ කර ඇති බවට පොලීසිය විමර්ශන සිදුකරයි.
මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (24) උදෑසන බටපොල පොලිස් වසමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු 19 සහ 22 යන වයස්වල පසුවන සැකකරුවන් අළුත්වල සහ මීටියාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
අපරාධය සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු සහ වෙඩික්කරු ලෙස මෙම සැකකරුවන් කටයුතු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වෙඩිතැබීමට යොදාගත් බව කියන පිස්තෝල අවිය, ජීව පතරොම් 10ක්, සැකකරුවන් පැමිණි යතුරුපැදිය සහ ඔවුන් පැළඳ සිටි ආරක්ෂිත හිස්වැසුම් දෙකක්ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

