Homeසියලුම පුවත්කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව සඳහන් වේ.

එම නිසා නැවත දැනුම්දෙනතුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත.

පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලද සුළගේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවල යෙදෙන ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments