කෑගල්ල, මොළගොඩ මංගලගම ප්රදේශයේ අද (22) සිදුවූ දරුණු රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අද පෙරවරු 1.15ට පමණ නුවරඑළිය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ, බස් රථය වාහන 7ක පමණ එක පෙළට ගැටී ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ 10 දෙනෙකු කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරට ලක්වූ වාහන අතර රියදුරු පුහුණු පාසලකට අයත් වාහන කිහිපයක්ද තිබූ බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කෑගල්ලේ වාහන 7ක් ගැටුණු අනතුරින් කාන්තාවක් මරුට

