Homeසියලුම පුවත්ගංගා කිහිපයක ජල මට්ටම් පහළ යමින් පවතී

ගංගා කිහිපයක ජල මට්ටම් පහළ යමින් පවතී

වර්ෂාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉහළ ගිය ගංගාවල ජල මට්ටම් මේ වනවිට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත්, කුඩා ගඟ මිල්ලක්නද ප්‍රදේශයෙන්ද, ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන්ද, නිල්වලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන්ද තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව සඳහන් වේ.

එම ස්ථානවල ජල මට්ටම්ද මේ වනවිට පහත බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ අතර, නිල්වලා ගඟේ ජල මට්ටම පනාදුගම ප්‍රදේශයෙන් අවදානම් මට්ටමේ පැවතියද, එයද ක්‍රමයෙන් පහත යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments