Saturday, April 18, 2026
Homeසියලුම පුවත්ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට වැඩි බස් රථ

ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට වැඩි බස් රථ

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ සිංහල හා දෙමල අලුත් අවුරුද්ද කාලසීමාව තුළ ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීමට අමතර බස් රථ රැසක් යෙදවීමට පියවර ගෙන ඇති බවයි.
එම කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂක ෂෙරීන් අතුකෝරල මහත්මිය පැවසුවේ, ගම් බිම් බලා ගිය බස් රථ නැවත කොළඹට මගීන් රැගෙන ඒම සඳහා යොදවන බවයි.
ඊයේ (17) වනවිට බස් රථ 1,500ක් මඟින් මගීන් 59,000කට ආසන්න පිරිසක් කොළඹට පැමිණ ඇති බවත්, හෙට සහ අනිද්දා දිනවල මගී ඉල්ලුම තවදුරටත් ඉහළ යා හැකි බවත් ඇය සඳහන් කළාය.
විශේෂයෙන් බදුල්ල, මොනරාගල, හැටන් සහ නුවර වැනි ප්‍රදේශවලට වැඩි පිරිසක් ගම්බිම් බලා ගොස් ඇති අතර, ඔවුන් නැවත පැමිණීම සඳහා අමතර බස් සේවා යොදවීමට සැලසුම් කර තිබේ.
තවද, නියමිත ගාස්තු ඉක්මවා මුදල් අයකිරීම වැළැක්වීමට පැය 24 පුරා පරීක්ෂා සිදු කරන බවත්, එවැනි සිද්ධි හඳුනාගත් විට එම මුදල් මගීන්ට ආපසු ලබාදීමට කටයුතු කරන බවත් ඇය පැවසුවාය.
මගීන්ට තම ගාස්තු පිළිබඳ සැකයක් ඇතිවූහොත් 1955 දුරකථන අංකය හරහා විමසීමටද අවස්ථාව ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

RELATED ARTICLES

Most Popular

Recent Comments