ජූනි මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය පිළිබඳ තීරණය අනිද්දා (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසයි.
සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ජූනි 05 වනදා සිට බලපැවැත්වෙන පරිදි නව ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමට නියමිත බවයි.
මාසික මිල සංශෝධනයට අදාළ වාර්තා මේ වනවිට මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති අතර, අවසන් නිර්දේශ අනිද්දා දිනයේ ලැබීමට නියමිත බව සඳහන් වේ.
ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් සැලකිල්ලට ගනිමින් මෙවර ගෑස් මිල සංශෝධනය සිදුකරන බව ලිට්රෝ සමාගම පවසයි.
කෙසේවෙතත්, පසුගිය මාසයේදී ගෑස් මිල සංශෝධනය නොකිරීමට සමාගම තීරණය කර තිබුණි.
ගෑස් මිල ගැන තීරණය අනිද්දා

