Homeසියලුම පුවත්ඥානසාර හිමි සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවකට

ඥානසාර හිමි සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවකට

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරකරුවන් සඳහා නියම කර ඇති ඇඳුම අද (05) පස්වරුවේ ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කරයි.

ඒ අනුව ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කර අදාළ ඇඳුමින් සිටින බවත්, උන්වහන්සේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක රඳවා ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වීමෙන් අනතුරුව ඥානසාර හිමියන්ට පනවා තිබූ සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කර තිබේ.

විවෘත වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments