පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක් ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද (26) මිහින්තලේ පූජා භූමියෙන් ආරම්භ කර තිබේ.
මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම පෙත්සමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව සිටියහ.
එහිදී මිහින්තලය විහාරාධිපති හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියේ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන ලෙසය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 6ක සිර දඬුවමක් නියමව සිටි පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ලබාදී තිබුණි.
කෙසේ වෙතත්, එම සමාව ලබාදීම නීතිය ඉදිරියේ බලරහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේදී එම සමාව ව්‍යවස්ථානුකූල ක්‍රියාපටිපාටියට අනුකූල නොවූ බවට කරුණු දක්වා ඇති අතර, එය නීතිමය බලයක් නොමැති බව තීරණය කර තිබේ. 0
මෙම පෙත්සම සඳහා ලබාගන්නා අත්සන් මහානායක හිමිවරුන් වෙත භාරදී, අනතුරුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මිහින්තලය විහාරාධිපති හිමියෝ සඳහන් කළහ.
“`1

