2026 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 95,035 දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නිවේදනයකට අනුව, අගෝස්තු මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 9,699 දෙනෙකු වාර්තා වී ඇත.
මෙම වසරේ මේ දක්වා ඩෙංගු ආසාදිත මරණ 72ක්ද වාර්තා වී තිබේ.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 50,287කි. දකුණු පළාතෙන් රෝගීන් 13,843ක්, මධ්‍යම පළාතෙන් 8,647ක් සහ සබරගමුව පළාතෙන් 7,808ක් වාර්තා වී තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 20,248කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,842ක්, මහනුවරින් 6,931ක්, මාතරින් 6,125ක් සහ කළුතරින් 6,122ක් වාර්තා වී තිබේ.
මේ අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 76ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

