කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව සඳහන් වේ.
අදාළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර, අනෙකුත් ප්රදේශවලටද මිලිමීටර් 100ක පමණ තද වැසි ලැබිය හැකි බව අනතුරු අඟවා තිබේ.
තද වැසි සමඟ ඇතිවිය හැකි සුළං සහ අකුණු අනතුරු පිළිබඳ ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම්දී ඇත
තද වැසි ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

