Homeසියලුම පුවත්තද සුළං සහ රළු මුහුද පිළිබඳ කාලගුණයෙන් නව අවවාදයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ කාලගුණයෙන් නව අවවාදයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් පිළිබඳව නව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වාත් වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකිය.

මේ හේතුවෙන් අදාළ මුහුදු කලාප වරින් වර රළු ස්වභාවයක් ගත හැකි බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද, දිවයින පුරා බලපවත්වන සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වයේ බලපෑම හේතුවෙන් මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ වයඹ පළාත්වලට මෙන්ම මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලටද විටින් විට පැයට කිලෝමීටර් 50ක පමණ වේගයකින් තද සුළං හමා යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments