ගාල්ල දංගෙදර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකදී, ඊයේ (29) බණ්ඩාරගම මිල්ලගහ හන්දිය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අදාළ ඝාතනයට ආධාර අනුබල ලබාදුන් බවට සැක කෙරෙන ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3.810ක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
මීට පෙරද මෙම ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
ඉකුත් 12 වැනිදා උදෑසන මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, බරපතළ තුවාල ලැබූ පුද්ගලයා පසුව කරාපිටිය රෝහලේදී මියගොස් තිබුණි.
දංගෙදර ඝාතනයට තවත් සැකකරුවෙක් කොටු

