Homeසියලුම පුවත්දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය අදත් තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
විශේෂයෙන් ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද දැනුම්දී තිබේ.
ඌව පළාතටත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් පස්වරු 1.00න් පසුව ස්ථානීය වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත්, උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් පැ.කි.මී. 30-40 අතර තරමක තද සුළං හමන බවද කාලගුණ අංශ සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවන ලෙසද දැනුම්දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments