Homeසියලුම පුවත්දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (03) රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන මෙම නිවේදනයට අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රදේශවලට අදියර 2 අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නෝර්වුඩ් ප්‍රදේශ සඳහාද අදියර 2 යටතේ විමසිල්ලෙන් සිටින ලෙස දැනුම්දී තිබේ.

එමෙන්ම කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයකට අදියර 1 නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇති අතර, අවදානම් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments