ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක පහක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 13ක් සඳහා අදියර එක සහ දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ.
එම අනතුරු ඇඟවීම් හෙට (05) පස්වරු 4.00 දක්වා වලංගු වේ.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ පස්සර, මහනුවර දිස්ත්රික්කයේ මිනිපේ සහ උඩුදුම්බර, කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට මෙන්ම මාතලේ දිස්ත්රික්කයේ අඹන්ගඟ කෝරලේ, මාතලේ සහ රත්තොට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.
මහනුවර දිස්ත්රික්කයේ උඩපළාත, කෑගල්ල දිස්ත්රික්කයේ බුලත්කොහුපිටිය සහ රඹුක්කන මෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ ඇහැළියගොඩ, වැලිගේපොළ සහ අයගම යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර එක යටතේ විමසිල්ලෙන් සිටින ලෙස අනතුරු අඟවා ඇත.

