Homeසියලුම පුවත්නව සමාජ පරිවර්තනයක් වෙනුවෙන් රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි

නව සමාජ පරිවර්තනයක් වෙනුවෙන් රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි

රට තුළ නව සමාජ, ආර්ථික හා දේශපාලන පරිවර්තනයක් ඇති කිරීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
සමාජ පරිවර්තනයක් ඇති කිරීම සඳහා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ සියලු පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන බවට ඇති විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දී ඇත.
නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට විශේෂ වරප්‍රසාද හිමි නොවිය යුතු බවත්, වරදක් කළ පුද්ගලයන්ට දඬුවම් ලබාදීමත් නිවැරදි පුද්ගලයන්ට සාධාරණය ඉටු කිරීමත් සිදුවිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම ජාතිය, ආගම, භාෂාව හෝ ස්ත්‍රී-පුරුෂ භාවය මත කිසිවෙකුට වෙනස්කම් සිදු නොවන සමාජයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බවද ඔහු අවධාරණය කර ඇත.
අල්ලස හා දූෂණය පිටුදැකීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමද මෙම සමාජ පරිවර්තනයේ ප්‍රධාන අංග බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම වසර තුළ රුපියල් බිලියන 220ක පමණ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් කර තිබේ.
තවද පැරණි දේශපාලන සංස්කෘතියේ පැවති වරප්‍රසාද, බලය අයුතු ලෙස භාවිත කිරීම සහ ජනතාවගෙන් දුරස් වූ පාලන ක්‍රමය වෙනස් කරමින් දේශපාලන අධිකාරිය ජනතාවට සමීප කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බවද ඔහු පවසා ඇත.
මෙම පරිවර්තන ක්‍රියාවලියට එරෙහිව ඇතැම් පාර්ශ්ව විවිධ අසත්‍ය ප්‍රචාර සහ ව්‍යාකූල ප්‍රකාශ සිදුකරන බවද සඳහන් කළ ජනාධිපතිවරයා, රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments