නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (08) උදෑසන රාගම, පොඩිවීකුඹුර ප්‍රදේශයේදී ලද තොරතුරක් මත වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 101යි මිලිලීටර් 250ක්, එනම් බෝතල් 135ක් සමඟ 51 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

