Homeසියලුම පුවත්නීතිවිරෝධී යතුරුපැදි 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී යතුරුපැදි 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නීත්‍යානුකූල නොවන අන්දමින් මෙරටට ගෙන්වා ඇති යතුරුපැදි දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (16) අලුයම අතුරුගිරිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී බලපත්‍ර නොමැතිව විදේශයෙන් මෙරටට ගෙන්වා ඇති බවට සැක කෙරෙන යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරනු ලබයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments