Homeසියලුම පුවත්පළාත් හතකට තද වැසි - අඩු පීඩන කලාපයක් වර්ධනය වන ලකුණු

පළාත් හතකට තද වැසි – අඩු පීඩන කලාපයක් වර්ධනය වන ලකුණු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, අහස වලාකුළින් බරව පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
තවද, දිවයින අවට පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය මැයි 11 වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවත්, එහි බලපෑමෙන් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවත් සඳහන් කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments