Homeසියලුම පුවත්ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසිකාලගුණයෙන් අලුත්ම නිවේදනය

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසිකාලගුණයෙන් අලුත්ම නිවේදනය

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑමත්, දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමත් හේතුවෙන් අද (06) සිට ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා වැසි තත්ත්වය වැඩිවිය හැකි බව Department of Meteorology සඳහන් කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේද අහස වලාකුළින් බරව පවතින බව වාර්තා වෙයි.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලටත්, අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ අංශය දැනුම් දෙයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments