Homeසියලුම පුවත්ප්‍රදේශ රැසකට අද තරමක තද වැසි

ප්‍රදේශ රැසකට අද තරමක තද වැසි

අද (06) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇදහැලීමේ හැකියාවක් පවතී.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරුමැද පළාත් මෙන්ම හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින්විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං හමනු ඇතැයි ද සඳහන් වෙයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් ලබාදී තිබේ.
මේ අතර, දිවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක සුළං වේගය ඉහළ යාමත් සමග මුහුද රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments