අද (26) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වේගයෙන් තරමක තද සුළං හමා යා හැකි බවට අනතුරු අඟවා තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
ප්‍රදේශ රැසකට අදත් විටින් විට වැසි

