Homeසියලුම පුවත්පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය සහ ඊට අදාළ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමට Central Bank of Sri Lanka කටයුතු කර තිබේ.
කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය Anil Jayantha මහතා කළ ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන සංවිධානය කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන එළඹෙන 10 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතියද හිමිව ඇති බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments